පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා තිබූ නාමයෝජනා නැවත කැඳවීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනි දා පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයත ආයත ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස තීනි කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.