spot_img
spot_imgspot_img

උතුරට හෙටත් තද වැසි

පුවත්

විදෙස්

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි හෙට (30) දිනයේ ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි හෙට ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සවස් කාළයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) පෙ. ව. 05.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 260 ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 305 පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය වයඹ දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළට දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවයි.

නැවත දැනුම් දෙනතුරු පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල දී අවධානයෙන් කටයුතු කරන ලෙසත් ධීවරයන්ට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල තද වැසිද ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර, පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ). මේ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!