දිවයිනේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සහ අතුරුදන් වූවන් සංඛ්‍යාව පිළිවෙලින් 17 සහ 6 දක්වා ඉහළ ගොස් තිබේ. පුත්තලම, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී තිබේ.
දිස්ත්‍රික්ක 21 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 267 ක පවුල් 98,635 ක පුද්ගලයින් 330,894 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, පවුල් 5,305 ක පුද්ගලයින් 16,553 දෙනෙකු රට පුරා ආරක්ෂිත ස්ථාන 183 ක් වෙත යොමු කර ඇත.
දැඩි සුළං, ගංවතුර, ගස් කඩා වැටීම් සහ නායයෑම් හේතුවෙන් මෙම පුද්ගලයින් පීඩාවට පත්ව ඇත. නිවාස 82 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 1,465 කට අර්ධ හානි සිදුවී ඇත. පවුල් 17,635 ක පුද්ගලයින් 59,997 දෙනෙකු තම ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඇති බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි..
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඊයේ අලුයම 2.30 වන විට ත්‍රිකුණාමලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 100ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතිණි. එය සෙමින් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වෙමින් සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බවට අපේක්ෂා කෙරේ.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑම යටතේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බර වන අතර උතුරු පළාතට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කෙරේ.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට වැසි අපේක්ෂා කරන අතර උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වර්ෂාපතනයක් ඇති විය හැක.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා තද සුළං ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.50 දක්වා ඉහළ යා හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.