-0.3 C
New York

අම්පාර, මඩකලපුව අවදානම්

Published:

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල මුන්දෙනි ආරු ගංඟා නිම්නයේ පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි පැය  48 සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්න් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, එරාවුර්පත්තු හා කෝරයෙිපත්තු ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසවලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

ඊයේ (25) රාත්‍රියේ සිට පතිතවන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි. 

Related articles

Recent articles

spot_img