spot_img
spot_imgspot_img

කාලගුණය තවත් දරුණු වෙයි. අවදානයෙන් ඉන්න

පුවත්

විදෙස්

කාලගුණය සම්බන්ධයෙන් නැවත වතාවක් රතු නිවේදනයක් නිකුත්කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.

ඊයේ උදෑසන 8.30 සිට අද අලුයම 4.15 දක්වා වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර 191ක වර්ෂාපතනයකි.  අම්පාර මහඔය ප්‍රදේශයේ මිලිමීටර 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලි මීටර 147ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවේ.

උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11:30 පමණ වනවිට මඩකලපුව සිට කි.මී. 290ක් සහ ත්‍රිකුණාමලයට කී.මී. 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණි. 

එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!