-0.3 C
New York

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Published:

උසස් පෙළ විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකුට අයහපත් කාලගුණය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානය වෙත යාමට නොහැකිනම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත යන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්ද පවසන්නේ ජල ගැලීම්, හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එලෙස පැමිණීමට අපහසු සිසුන්ට තමන්ට පහසු විභාග මධ්‍යස්ථානයක දී විභාගයට මුහුණ දීමට අවස්ථාව සළසා දී ඇති බවයි.

මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බැවින් යම් සිසුවකුට පැමිණීමේ අපහසුතා ඇත්නම්, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

විභාග මධ්‍යස්ථාන වෙත පැමිනීමේ දී යම් ප්‍රමාදයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ද සහනයක් ලබාදෙන ලෙස සියලු ශාලාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img