spot_img
spot_imgspot_img

වෛද්‍යවරු, බදු සහන ඉල්ලති

පුවත්

විදෙස්

වෛද්‍යවරුන් සඳහා බදු සහන ලබා දෙන්න යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලීමක් කර ඇත.

එම සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාක වෛධ්‍ය චමල් විජේසිංහ පවසන්නේ වෛද්‍ය නිලධාරීන් මුදල් හේතුමත විදේශ රැකියා සඳහා යොමුවන බවයි. ඒ හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රෙය් මානව සම්පත් හිඟයක් ද පවතින බව මෙහි දී පෙන්වාදුන්නේ යැයි හෙතෙම කියා සිටියේය.

රට තුළ වෛද්‍යවරුන් රැඳී සිටීමට උනන්දුවක් ඇති කිරීමට රජය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත්, වෛද්‍යවරුන්ගේ මූල්‍ය ගැටලු වැඩිදියුණු කිරීම සඳහා කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලසුම් සැකසීම මෙයට ඇතුළත් විය යුතුය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සාධනීරය ප්‍රතිචාරයක් දක්වා ඇති බවත්, ඉදිරි අයවැය තුළින් වහා විසඳාගත යුතු කරුණුවලට ප්‍රමුඛතාව දී සහන ලබාදීමට එකඟ වූ බවත් වෛද්‍ය විජේසිංහ කීවේය.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බැවින් ඔවුන් මේ වන විට ගෙවන බදු ක්‍රමය සංශෝධනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!