10.2 C
New York

සංඝමිත්ත ශිෂ්‍යාවන්ට පහරදුන්, ගුරවරයා ගැන පරීක්ෂණ

Published:

ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරයකු එම පාසලේ 12 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 30 දෙනකුට ලී පතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසුගිය සිකුරාදා (22) පාසල් නිවාඩු ලබාදෙන දිනයේ දී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ විද්‍යා සහ ගණිත අංශයේ ශිෂ්‍යාවන් පිරිසකට පිරිමි ගුරවරයකු පහර දී ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම පැමිණිල්ලට අනුව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනි ද තහවරු කළාය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ගුරුවරයා විසින් පහරදීම වැරදි බවයි.

ළමයින්ට පහරදීමට ගුරවරුන්ට කිසිදු අයිතියක් නැතැයි ද ඇය කීවාය.

Related articles

Recent articles

spot_img