-0.3 C
New York

උසස් පෙළ විභාගය, ආපදා මැද ප්‍රවාහන පහසුකම්

Published:

උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භවීමට නියමිත අතර දිවයිනේ ප්‍රදේශ රැසක ආපදා ඇතිවීමේ අවදානමක් ඇති බැවින් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට විශේෂ ක්‍රියාමාර්ග සැළසීමට කටයුතු කර ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගංවතුර තත්වයක් ඇති වුවහොත්, උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් හා යුද හමුදා යුනිබෆර් රථ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා සතුව පවතින බෝට්ටු හා ට්‍රැක්ටර් රථද අවශ්‍ය පරදි යෙදවීමට සුදානම් කර තිබේ.

Related articles

Recent articles

spot_img