spot_img
spot_imgspot_img

ගංවතුර අවදානමක් ? අනතුරුදායක ප්‍රදේශ මෙන්න

පුවත්

විදෙස්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (24) අනතුරු අඟවා ඇත.

උතුර, උතුරුමැද, නැගෙනහි පළාත්වල දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද වරින් වර වැසි ඇතිවිය හැකිය.

මේ හේතුවෙන් හෙට (25) සිට ලබන 28 වැනි දා දක්වා කාලයේ දී  ගංවතුර තත්වයක් ඇතිවිය හැකියැයි අවදානමක් සහිත ගංඟා ද්‍රෝණි පහතින් සඳහන් කර ඇත.

එම ගංඟා නිම්නවල පදිංචිව සිටින පුද්ගලයන්ට ආරක්ෂිත ස්ථාන වෙත ගමන්කරන ලෙසත් දැඩි අවදානයකින් පසුවන ලෙසත් ජාතික ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටියි.

ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි ගංඟා ද්‍රෝණි 

1. මල්වතු ඔය ද්‍රෝණිය
2.
කලා ඔය ද්‍රෝණිය
3.
කනගරායන් ආරු ද්‍රෝණිය
4.
පරංගි ආරු ද්‍රෝණිය
5.
මා ඔය ද්‍රෝණිය
6.
යාන් ඔය ද්‍රෝණිය
7.
මහවැලි ගඟ ද්‍රෝණිය
8.
මාදුරු ඔය ද්‍රෝණිය
9.
මුන්දෙනිආරු ද්‍රෝණිය
10.
ගල්ඔය ද්‍රෝණිය
11,
හැඩඔය ද්‍රෝණිය
12.
විල ඔය ද්‍රෝණිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!