-0.4 C
New York

සිරිකොත අසල කලබලයක්

Published:

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පක්ෂය යළි නගා සිටුවීම සඳහා ලියවිල්ලක් භාරදීමට සූදානම් වීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා වී ඇත. මෙලෙස පැමිණ තිබුණේ එම පක්ෂයට සම්බන්ද අරටුව නැමැති සංවිධානයේ පිරිසකි.

එම ලියවිල්ල රනිල් වික්‍රමසිංහ වෙත බාරදීමට පැමිණි බවයි ඔවුන් පවසා ඇත්තේ. වික්‍රමසිංහ මහතා විදේශගතවී සිටීම හේතුවෙන් එය බාරදීමට නොහැකි වී ‍තිබේ.

කෙසේ වුවද මෙම පිරිස පක්ෂ මූලස්ථානය අසළින් ඉවත්ව යාමට උත්සාහ කළ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායකගේ ලේකම්වරයෙකු යැයි කියා ගන්නා අයෙකු එම ස්ථානයට පැමිණ පහර දුන් බව අරටුව සංවිධානයේ නිලධාරීන් ප්‍රකාශ කරනවා.

පොලිස් නිලධාරීන් මොවුන්ගේ සාක්ෂි සටහන් කරගෙන ඇත.

Related articles

Recent articles

spot_img