-0.4 C
New York

නව කතානායකගේ පැටිකිරිය

Published:

අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ යෝජනාවක්, අමාත්‍ය විජිත හේරත් විසින් ස්ථිර කිරීමෙන් 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල ඒකච්ඡන්දයෙන් තෝරා පත්කරගැනිනි.

2024 මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකු ලෙස තරඟ කළ ආශෝක රංවල මනාප 109,322ක් ලබා පාර්ලිමේන්තුවට පත්වූයේ ය.

මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන හෙතෙම රසායනික ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කර ඇති අශෝක රංවල මහ මැතිවරණයකට තරඟ කළ පළමු අවස්ථාව මෙයයි.

රංවල මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කර ඇත.

මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි යෝජනා කෙරිණි. එම යෝජනාව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ස්ථීර කළාය.

නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර පත්වූයේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ යෝජනාවකිනි.

ආණ්ඩු පක්ෂයේ සභානායක තනතුර අමාත්‍ය බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කෙරිණි.

විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස කථානායකවරයා විසින් පිළිගනු ලැබීය.

Related articles

Recent articles

spot_img