-0.4 C
New York

තවත් ඡන්දයකට, මැතිවරණ කොමිසම සූදානම් වෙයි

Published:

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ මස 27 වැනි දින රැස්වීමට නියමිත බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය වසර ගණනාවක් ම නොපවත්වා ඇති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ද ලබා දී තිබේ.

ඒ අනුව ඉදිරි මැතිවරණ පැවැත්වීමේ මූල්‍ය අවශ්‍යතාව පිළිබඳ වියදම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිනුමට ඇතුළත් කිරීමට ද තීරණය කර ඇත.

මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නැත.

ඒ අනුව මෙම කොමිෂන් සභා රැස්වීමේ දී මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img