-0.1 C
New York

උණ රෝගයක් නිසා, මන්නාරමේ යුද කඳවුරක් නිරෝධායනය කරයි

Published:

උණ රෝගයක් පැතිරීයාම හේතුවෙන් මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළු එම කඳවුර තුළම නිරෝධායනය කර ඇතැයි යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පසුගිය 11 වැනි දා සිට කඳවුරේ සෙබළුන් 25 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට රෝගී වී ඇති බවයි.

රෝගී වූ කිහිප දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් එක් අයකු කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකර ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම රෝගී තත්වය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස කඳවුර තුළ සිිටින ‍සෙබළු 500ක පමණ පිරිසක් කඳවුර තුළම නිරෝධායනය කිරීඹට අවශ්‍ය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සෙබළුන්ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි.

Related articles

Recent articles

spot_img