-0.1 C
New York

නවකයන්ගෙන් පිරෙන මැති සබය

Published:

මෙවර මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු 196 දෙනාගෙන් 146 දෙනකු ම පාර්ලිමේන්තුවට පළමු වරට පිවිසෙන නවක මන්ත්‍රීවරුන් පිරිසකි.  ඉන් වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්ව සිටිති.

පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙකුම නවක මන්ත්‍රීවරුන් ය.

සමගි ජන බලවේගයෙන් පත් වූ මන්ත්‍රීවරුන් 35 දෙනාගෙන් 08 දෙනකු ම නවක මන්ත්‍රීවරුන් වන අතර පොදු ජන පෙරමුණෙන් ද මෙවර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් චානක සම්පත් මාදුගොඩ නවක මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටියි.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 06ක් අතරින් තිදෙනකු ම මන්ත්‍රීවරුන් ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත.

කෙසේ වෙතත් නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු ධුර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරය ද නවක මන්ත්‍රීවරුන් වනු ඇති පාර්ලමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img