5.6 C
New York

වතුකරයේ දේශපාලනයට, අභියෝග කළ අම්බිකා

Published:

කඳුකරයේ තිබූ සම්ප්‍රදායික දේශපාලන රාමුව කඩා දමමින් නව ගමනක් ආරම්භ කිරීමට හැකි වූ බව වතුකරයෙන් මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අම්බිකා සැමුවෙල් පවසයි.

ඇය මෙහි දී කියා සිටියේ තමන්ගේ මේ ජයග්‍රහණයත් සමඟ මින් ඉදිරියට වතුකරයේ තරුණ ප්‍රජාව දේශපාලනයට අවතීර්ණ වීමට සූදානමින් සිටින බවයි. වතුකරයේ ජනතාව රාමුවකට කොටුකර විවිධ කණ්ඩායම් දේශපාලනයේ නිරත වූ බවත් ඉදිරියේ දී තරුණ සහෝදර සහෝදරියන්ට අනිවාර්යයෙන් ම දේශපාලනයට පැමිණීමට හොඳ අවස්ථාවක් උදා වී ඇති බවත් ඇය කියා සිටියාය.

“අපේ වතුකරයේ තරුණ තරුණියන් කොටුකරලා තිබුණේ. අපි ඒ රාමුව කැඩුවා. මින් ඉදිරියට හොඳ නායකයන් පිරිසක් කඳුකරයෙන් වගේම අනෙක් ප්‍රදේශවලිනුත් බිහිවේවි. විශේෂයෙන් ම කාන්තාවන් කුස්සියට ම කොටු කරලා හිටියේ. ඒ අයට හොඳ හැකියාවක් තියෙනවා. ඒ අයට තිබුණු බලපෑම මෙවර කරන්න බැරිවුණා. අපි මේ තැබූ පියවර නිසා හොඳ නායකත්වයක්, හොඳ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේත් අනිත් තැන්වලත් හැදේවි.”

යැයි ඇය වැඩිදුරටත් කීවාය.

Related articles

Recent articles

spot_img