-0.1 C
New York

ඡන්ද දවසේ ආරක්ෂාවට ආරක්ෂකයන් 90,000ක්

Published:

මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධරීන් 90,000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් නිලධාරීන් 633,745ක් සෘජුව සේවයේ යොදවා ඇති අතර විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3,200ක් ද අවශ්‍යතාව අනුව යොදවා ඇති බව ද හෙතෙම පැවසීය. මෙයට අමතරව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000ක් සහ ජංගම මුර සංචාර සඳහා යොදවන සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළත් වන බව ඔහු පැවසීය.

මැතිවරණ දිනයේ ජංගම මුර සංචාර ,109ක් සහ මැතිවරණයෙන් පසු ආරක්ෂාව සඳහා මාර්ග බාධක 269ක් ද කැරළි මර්ධන කණ්ඩායම් 241ක් ද යෙදවීමට කටයුතු කර තිබේ.  

Related articles

Recent articles

spot_img