විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) දඹුල්ලේ දී කියා සිටියේය. දඹුල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ ප්රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ ව සඳහන් කළේය.
“අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්.”