මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 364 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතරින් 11 දෙනකු අපේක්ෂකයන් බවත් පොලිසිය සඳහන් කරයි.
මේ බව කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද (08) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.
ලැබී ඇති පැමිණිලි අතරින් අපරාධමය ස්වභාවයේ පැමිණිලි 54ක් ද , මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 286ක් ඇති අතර වාහන 94ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර පෝස්ටර් දස ලක්ෂ හැත්තෑදහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන තිබේ.
තවද බැනර් 855ක් ඉවත් කිරීමටත්, තවත් 458ක් පොලිස් භාරයට ගැනීමටත් කටවුට් 1,010ක් ඉවත් කිරීමටත් තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන ඇත.
අත්පත්‍රිකා 5045ක් ඉවත් කිරීමටත් තවත් 64,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මේ අතර මහ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින සිට මේ දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2088ක් බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉන් පැමිණිලි 2023ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 20ක් ද වේ.