-0.1 C
New York

ජනපතිගෙන්, ජනතාවට සහන ගොඩක්

Published:

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි ිකරීම තම රජයේ පළමු අයවැයෙන් ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (08) කෑගල්ලේ පැවැති ජන රැළියක දී කීවේය.

අස්වැසුම නොලැබූ අයට නැවත අභියාචනා කිරීමේ අවස්ථාවක් ලබාදෙන බවත්, ආහාර ලබාගැනීමටවත් වත්කමක් නොමැති පිරිස්වලට  කෙටි කාලයක දීමනාවක් ලබාදෙන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා ද නව පාසල් වාරයේ සිට දීමනාවක් ලබාදෙන බවයි.

“ජනවාරෙි අවසානයේ තමයි අලුත් පාසල් වාරය පටන්ගන්නේ. අන්න ඒ අලුත් පාසල් වාරයේ දරුවෝ පාසල් යන කොට නිසි පරිදි පාසල් පොත්, පාසල් උපකරණ මිලදී ගන්න බැරි සියලු දරුවන්ට ඒ සඳහා දීමනාවක් ලබාදෙනවා. ඒ වගේම අස්වැසුම. අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබාදීලා තියෙනවා අස්වැසුම නොලැබෙන අයට නැවත අභියාචනා කරන්න පුළුවන් ඒ අභියාචනා සාධාරණ ලෙස සලකා බලා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි ඒ සෑම පවුලකට ම අපි යම් දීමනාවක් දෙන්න කටයුතු කරනවා. මේ රට හදලා. ආර්ථිකය හදලා. ජනතාවට ප්‍රතිලාභ එනතෙක් ඒ ජනතාව අපි බලා ගන්නවා.”

Related articles

Recent articles

spot_img