spot_img
spot_imgspot_img

“චපාර්” වයිරසය ගැන සෞඛ්‍ය අංශ තැතිගැන්මක

පුවත්

විදෙස්

මිනිසාගෙන් මිනිසාට බෝ වන තවත් වයිරසයක් බොලීවියාවෙන් වාර්තාවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පර්යේෂණ තොරතුරු ඉදිරිපත් කරමින් පවසයි.

ලෝකය පුරා රටවල කොරෝනා මර්ධනය කිරීමේ සටනක යෙදී සිටින අතර මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි මෙම නව වයිරසය හඳුනාගැනිමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

පර්යේෂකයන් පවසන්නේ 2019 දී මේ වයිරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු බොලීවියාවේ අගනුවර වන ලාපාස් හි හමුවූ අතර ඔවුන්ගෙන් සෞඛය සේවකයන් තිදෙනකුට වයිරසය සම්ප්‍රේෂණය වී තිබූ බවයි. පළමුව ආසාදනය වූ රෝගියකු සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනකු මේ වයිරසය හේතුවෙන් මියගොස් තිබේ. 2004 දී ලාපාස් සිට සැතපුම් 370ක් නැගෙනහිරින් පිහිටි චපාර් ප්‍රදේශයේ පුද්ගලයන් අතර පැතිර ගියේ මේ වයිරසය බව ද හඳුනාගෙන ඇත. එබැවින් මේ නව වයිසරයට “චපාර්” ලෙස නම් තබා ඇත.

මේ වයිරසය පිළිබඳ පර්යේෂණ සිදුකළ රෝග කාරක හා ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥයකු වන කේට්ලින් කොසබුම් පවසන්නේ මෙම වයිරසය මිනිසාගේ ශරීර තරල රැසකින් ආසාදනය විය හැකි බවයි. ඔහුගේ පර්යේෂණවලින් සනාථ වන්නේ මෙම වයිරසය මිනිසා අතරට පැමිණ ඇත්තේ මීයන්ගෙන් බවයි.

ලොව පුරා විද්‍යාඥයන් මේ ගැන වඩාත් බියක් පළකිරීමට හේතු වී ඇත්තේ කොවිඩ් – 19 වැනි ශ්වසන වයිරස වලට වඩා සිරුරේ වෙත් තරල හරහා පැතිරෙන වයිරස් පැතිරීම පහසුවීම හේතුවෙනි. මෙම නව වයිරසය වැළඳුණ රෝගීන්ට උණ, උදර වේදනාව, වමනය, විදුරුමස් ලේ ගැලීම, සමේ කැක්කුම සහ ඇස් පිටුපස වේදනාව ඇතිවන බව කොසබුම් පවසයි. මේ සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් එය මිනිසුන් අතර පැතිරයාම ආරම්භ වුවහොත් ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව ද හෙතෙම අනතුරු හඟවයි.

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ වසර කිහිපයක් මේ වයිරසය හඳුනා නොගෙන මිනිසුන් අතර සම්ප්‍රේෂණය වී ඇති බවයි. ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ දක්වන වයිරසයක් බැවින් ඇතැම්විට ඩෙංගුයැයි වැරදි ලෙස වටහාගන්නා බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.

බොලීවියාවේ සිටින ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරන්, බොලීවියාවේ සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛය සංවිධානයේ නියේාජිතයන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩයාම මෙම වයිරසය ඉක්මණින් හඳුනාගැනීමට අවශ්‍ය වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවේදයන් සංවර්ධනය කර තිබේ.

“චපාර්” වයිරසය පිළිබඳ තවමත් නෙදන්නා දේ බොහෝ තිබිය දී මේ කණ්ඩායම රෝග විනිශ්චය සඳහා වූ පර්යේෂණ දියුණු කිරීමටත්, මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කිරීමටත් මීයන්ගෙන් වයිරසය පැමිණි බව අනාවරණය කරගැනීමත් ප්‍රශංසනීය බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ජොයෙල් බ්‍රෙමන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!