spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ග‍ේ අමන වැඩ මෙන්න

පුවත්

විදෙස්

(සජීව විජේවීර විසිනි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු කණ්ඩායමකගේ තර්ජනයට ලක් වූ ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී චූදිත වෛද්‍යවරුන්ට ඇප ලබාදී තවත් වෛද්‍යවරයකුට වරෙන්තු නිකුත්කිරීමත් සමඟ පැමිණිලිකාර වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරු කර යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග කටයුතු කර ඇත.

නීති විශාරදයන් පවසන්නේ මහ මැතිවරණයක් පවතිද්දී කිසිදු රාජ්‍ය සේවකයකු මාරුකර යැවිය නොහැකි බවට නීතියක් තිබිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වරයා විසින් විශේෂඥ පිළිකා ශල්‍ය  වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම කිහිප ආකාරයකින් නීති විරෝධී බවයි. ඔහු මෙ‍ම තීරණය ගෙන ඇත්තේ  ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය හෙවත් පසුව අනුමැතිය ගැනීමේ අපේක්ෂාවෙන් බව මාරුවීම ලබාදුන් ලිපියේ සඳහන් කර ඇත. එමෙන් ම කරාපිටියේ වෛද්‍යවරු පිරිසකට වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා සම්බන්ධ නඩුවක දී වෛද්‍යවරුන් 04 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ඇප මුදල් තැන්පත් කිරීමට සිදුවීමත්, එක් වෛද්‍යවරයකුට වරෙන්තු නිකුත් කිරීම, සහ තවත් වෛද්‍යවරයකුට සිතාසි නිකුත් කිරීමත් සිදුකළ පසු මෙලෙස පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් පළි ගැනීම රටේ අධිකරණ පද්ධතියට අපහාස කිරීමක් බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති.

2020-10-23 වැනි දින විශේෂඥ ‍ශෛල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගේ සායනයට පැමිණ ඔහුට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නඩුව ගාල්ල මහාධිකරණයේ දී සඳුදා (04) වැනි දා කැඳවා තිබිණි. එහි දී අධිකරණයේ පෙනී සිටි දහනායක යාපා දිනේෂ් චතුරංග, වීරසූරියගේ එරපතිනාත් විජේසූරිය, ජයවික්‍රම කංකානම්ලාගේ සංඛ ප්‍රදීප් ඒකනායක, කේසර දුලංග කුමාර යන වෛද්‍යවරුන් 04 දෙනාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. අධිකරණයේ පෙනී නොසිටි රජගල්බොඩගේ සුධීර ලක්ප්‍රිය යන අයට නොතීසි නිකුත්කළ මහේස්ත්‍රාත්වරයා ලහිරු සසංග යන අයට වරෙන්තු කළේය.

වෛද්‍යවරුන් වැරදි ලෙස අතිකාල දීමනා ලක්ෂ ගණන් ලබා ගන්නා බවත් එලෙස මහජන මුදල් අවභාවිතා කිරීමෙන් වළකින ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස විසින් තම සංගමයේ සියලු සාමාජිකයන් වෙත යැවූ ලිපියක්  උපුටා දක්වමින් විශේෂඥ ‍පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංගගෙන් එම අතිකාල දීමනා ලබාගැනීම වැළැක්වීමට සුදුසු පියවර ගන්න යැයි ඉල්ලා තිබිණි.

මෙම සිද්ධිය පදනම් කරගෙන වෛද්‍යවරු කණ්ඩායමක් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබූ අතර අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට ලිඛිතව දන්වා ඇත්තේ ඒ සඳහා තමන්ට මැදිහත් විය නොහැකි බවයි.

මේ අතර 04 වැනි දා මහේස්ත්‍රාත් අධිකරණයේ පැරණි නඩුව කැඳවූ අවස්ථාවේ දී වෛද්‍යවරු 04 දෙනෙකුට ඇප නියමවීම, එක් අයකුට සිතාසි යැවීම සහ වෛද්‍ය ලහිරු සසංකට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් උරණ වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ජාතික රෝහලේ සාමාජික වෛද්‍යවරු 05 වැනි දා උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කළහ. අධිකරණයෙන් මෙලෙස චෝදනා ලබා ඇති සියලු වෛද්‍යවරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් සහ නිලධාරී වෛද්‍යවරු වන අතර අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කර තිබේ.

05 වැනි දා උදෑසන වෛද්‍යවරු කණ්ඩායමක් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ඔවුන්ගේ කොන්දේසිය වූයේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා කරාපිටිය රෝහලෙන් ඉවත්කරන තුරු හෝ ඔහුගේ සේවය අත්හිටුවන තුරු හෝ තමන් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතු අකර්මන්‍ය වන බව පවසමින් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග විසින් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වෙත විනය හේතු මත යැයි පවසමින් තාවකාලික ස්ථාන මාරු වීමේ ලිපියක් නිකුත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය නිර්මල වස්තුහේවා පවසන්නේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරුන්ට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරෙන බැවින් ඔහු‍ගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් වැඩ වර්ජනය ආරම්භ කරන බවයි. නමුත් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බැවින් එම වැඩවර්ජනය අතහැර දැමූ බව ද ඔහු කීවේය.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග පවසන්නේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට මෙම ස්ථානමාරුවීම ලබාදුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියට අනුව රාජා්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව බවයි.

මේ අතර විශේෂඥ ‍පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මරුකර යැවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්වන බවත්, මෙය රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමයේ අතිකාල වංචා සිදුකරන වෛද්‍යවරුන්ගේ සහ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංගගේ කුමන්ත්‍රණයක් බවත් පවසමින් ඊට විරෝධය දක්වන විශාල පිරිසක් අද (06) උදෑසන ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරතවූහ.

මේ පිළිබඳ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධිකරණයේ විභාගවන කටයුතු සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය අංශයේ කටයුතු සම්බන්ධයෙන් තමන්ට මාධ්‍යයට කිසිම අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි. තමන් 2024 දෙසැම්බර් 01 වැනි දා සිට විශ්‍රාම පූර්ව නිවාඩු ඉල්ලා තිබූ බවත්, මෙම මාරුවීම නිසා ඊට පෙර විශ්‍රාම යාමට බලාපොරොත්තු වනබවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සැ.යු.

මෙම ප්‍රවෘත්තිය හේතුවෙන් කිසියම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ යැයි හැ‍ඟෙන්නේනම් එම පාර්ශවය විසින් සිදුකරනු ලබන පැහැදිළි කිරීමක් මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරන වෙබ් අඩවියක් ලෙස අපි බැඳී සිටින බව දන්වමි.

4 COMMENTS

  1. Is this the same consultant who
    1. Assaulted a pregnant lady doctor sometime back?
    2. Had a conflict with Health Assistants of the same hospital?

    These professionals should be role modals to others, rather behaving like lunatics.

  2. මෙම වෙබ් පිටුව කරන පුද්ගලයා ගැන බලන්න..ඔය තිබෙන කරනු සත්‍ය අසත්‍ය දෙක්ම තිබේ. ක්‍රිශාන්ත පෙරේරා වැඩ්ඩෙක් වීමට පුලුවන්…ඔහු මානසික අබාදයක් නැතහොත් පෞරුෂතව ආබාදයෙන් පෙලෙන් අයෙකි…එය narcistic personality disaorder ලෙස හඳුන්වයි…මෙය සුව කල නොහැක.මෙවැනි අයකු කිසි විටෙක සාමුහිකව වැඩ කිරිමට කැමති නොවෙයි..තමා ට පොරත්වය නොලැබෙන විට කිසිම පැකිලීමකින් තොරව ඕනිම දෙයක් කරනු ලබයි… මොහු මෙතෙක් කල් සේවයේ රැදි සිටින්නේ රටේ නීති, රීති පද්ශ්තියක් මේ වෙනුවෙන් නොපවතින පසුබිමකය…කනිශ්ට වෛද්‍යවරුන් රෝගීන් ඉදිරියේ ඉතාමත් පහත් ලෙස කතා කිරිම හා පහර දීම් ඉතිහාසය පුරාවට සිදු වී ඇත..සෞක්‍ය සේවයේ සියලු කණ්ඩායම් අතර workplace harrasment බහුලව සිදු වේ..මේවා විසදීමට නිශ්චිත කණ්ඩායමක් හෝ දෙන දඩුවම් දෙන ක්‍රම වේදයක් නොමැත. මේ නිසා වෘත්තීය සමිති වල පිහිට පැතීමට සිදුවේ. වුර්තීය සමිති නායකයින් පරන කෝන්තර පිරිමහා ගැනීමට මෙය භාවිතා කරයි….මේ සදහා සමාජ මාද්‍ය වල දෙපැතත බෙදී මඩ ගසා ගැනීම වැනි ඉතාමත් ප්‍රාථමික මට්ටමේ කටයුතු පවා සිදුවිය…ක්‍රිශාන්ත පෙරෙරාට විරුද්දව තීරණයක් ගත් පසු ඔහු rata.lk වැනි වෙබ් අඩවි යොදා ගෙන සමාජ මතය වෙනස් කිරිමට යයි.තවද ඔහු විසින්ම ගාල්ල ප්‍රදේශයේ පිරිසක් යොදාගෙන උත්ගොශනය කරයි.මෙයද එවනිම දෙයකි.තවද මොහු පිලිකා අංශයේ නව ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාට ශල්‍යාගාරය භාවිතා කිරීම, ඔව්න්ගේ රෝගින් දැඩි සත්කාර වලට ඇතුලත් කිරීමට ඉඩ නොදීම වැනි ඉතාමත් පසුගාමී පහත් රෝගී ජීවිත අනතුරේ දමන වැඩ පවා සිදු කරමින් පැවතුණි.මෙය කාලයක් පැවති ප්‍රශ්නයක් පූපුරා යාමකි…
    තවද වෙනත් රටක මෙවැනි අයකුට කිසි ලෙසකවත් කොතරම් දක්ශ යෙක් උනත් රැදීමට ඉඩ නොලැබේ.
    දැන් අපි ලංකාවෙ සෞකය කාරය මණ්ඩල මෙවැනි තගා ලාගෙන් ආරක්ශා කිරිමටත් ( වෘත්තීය සංගම් තගාලාද සීටි) නිදහසේ තම අභිමානයෙන් රැකියාව කිරීමට හැකි වන පරිදි hospital workplace harresment inquiry body එකක් ස්ථාපිත කල යුතුය….rata.lk මීට වඩා විමර්ශන්ශීලිව තොරතුරු වාට්තාකිරික්ම වටී.

  3. වෛද්‍යවරුන් 6ක් ඉන්න ඕනි වාට්ටු වල දැන් ඉන්නෙ 3-4යි…වෛද්‍යවරු අඩු උනාට වැඩ අඩු නොවේ..පඩිය එකයි. රට යාම නිසා රජයට උනු ලාභය ඒකයි

  4. සාදාරන doctor කෙනෙක්ට වැඩ කරන්න දෙන්නේ නැහැ ලෙඩ්ඩු මරන් කන අනික් දොස්තරලා.අවංක මනුස්සයට තමයි තරහ යන්නේ ආසදරේනට.එච්චර දක්ෂ මනුස්සයෙක් යැව්වම ගාල්ලේ ලෙඩ්ඩුන්ටය් පාඩුව.අරුන්ට නම් එ oT ටිකත් හම්බෙනවනෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!