spot_img
spot_imgspot_img

පාස්පෝර්ට් ගන්න හදිසිනම්, ක්‍රමය මෙන්න

පුවත්

විදෙස්

විදෙස් ගමන් බලපත්‍රයක් හදිසිියේ ම ලබාගැනීමට අවශ්‍යනම් එම හදිසි අවශ්‍යතාව සනාථ කෙරෙන ලිපි ලේඛන ඉදිරිපත් කළහොත් කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකසා ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී.නිලූෂා බාලසූරිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ සඳුදා (04) මාධ්‍ය හමුවක දී ය.

මෙම කාර්යය සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවත් හදිසි අවශ්‍යතාවක් ඇත් සාමාන්‍ය ක්‍රමවේදය හරහා ගොස් දිනයක් ලබාගැනීමෙන් අනතුරුව කාර්යාලයට පැමිණ එම හදිසි අවශ්‍යතාව සනාථ කරන ලිපි ලේඛන ඉදිරිපත් කළවිට ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට සෑහීමකට පත්විය හැකිනම් පමණක් අවස්ථාව ලබාදෙන බව ද ඇය කියා සිටියාය.

ආගමන විගමන පාලක ජනරාල්වරිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවට තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකිවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්.

අපි මේ සඳහා පත්කළ කණ්ඩායම හමුවට ඔහගේ අවශ්‍යතාවය සනාථ කරන්න පුලුවන් ලිපි ලේඛන රැගෙන පැමිණෙන්න කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත්  ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න නොපමාවම සූදානමින් සිටිනවා. “

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර 50,000ක තොගයක් දැනට ලැබී ඇති බවත්, එයින් බලපත්‍ර 33,000ක් පමණ මේ වනවිට ඉතිරිව තිබෙන බවත් ඇය කියා සිටියාය. එමෙන් ම  ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයිනේ ඇති ප්‍රාදේශීය කාර්යාලවලින් දිනකට එක්දින සේවාව ඔස්සේ විදෙස්ගමන් බලපත්‍ර 1200ක ප්‍රමාණයක් නිකුත්කළ හැකි බව ආගමන විගමන පාලකජනරාල්වරිය පවසයි. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!