spot_img
spot_imgspot_img

තිස් වසරක් වසා තිබූ පාරක් විවෘත කරයි

පුවත්

විදෙස්

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය වසර 30කට පමණ පසු අද (01) විවෘත කෙරිණි.

උතුරේ පැවැති වර්ගවාදී යුද්ධය නිසා වසා දැමුණු මෙම මාර්ගය යුද්ධය අවසන් වී වසර 15ක් ගතවනතුරුත් විවෘත කර තිබුණේ නැත.

 මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්   ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය. 

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශවලට දැනුම් දී තිබුණු අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ  මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!