1.6 C
New York

බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published:

දෙදෙනකුට දිවි අහිමිකරමින්, දුන්හිද බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ සිසු සිසුවියන් 36 දෙනකු, කථිකාචාර්යවරුන් 03 දෙනකුඋපදේශකවරයෙක් සහ බස් රථය භාරව ගිය හමුදා සාමාජිකයකු සහ බසයේ රියදුරා ඇතුළු 42 දෙකනකු සිට ඇති බවයි.

කුරුණෑගල හා නිවිතිගල පදිංචි සිසුවියන් දෙදෙනකු මෙම අනතුරින් මියගොස් ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව 40ක් වන අතර ඉන් 07 දෙනකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඉන් එක් අයකුගේ තත්වය අසාධ්‍ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බසයේ ඇති වූ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇතැයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.

Related articles

Recent articles

spot_img