1.6 C
New York

නූලෙන් දිවි බේරෙයි

Published:

පානදුර ජනප්‍රිය මාවතේ යාබදව පිහිටි දෙමහල් කඩ කාමර පහක් එකවර කඩා වැටී ඇති අතර පහළ මහලක සිටි දන්ත වෛද්‍යවරියක සහ ඇගේ දරු දෙදෙනා දිවි බේරාගෙන ඇතැයි වාර්තා වේ.

ඇය එම ගොඩනැගිල්ලේ පහත මහලේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන අතර ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ මොවුන් තිදෙනා ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.

පැරණි ගොඩනැගිල්ලක් වන මෙය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති අතර ඒ සමග ගාලු පාර ඇතුළුව විශාල ප්‍රදේශයක් ඝන දූවිල්ලෙන් වැසී ගොස් ඇත.

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර ඒ අසළ කානු පද්ධතියක් ශුද්ධ කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදවා තිබූ බවත් එහි කම්පන හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.

Related articles

Recent articles

spot_img