1.6 C
New York

උසස් පෙළ වෙනසක් නෑ

Published:

2024 උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එබැවින් 2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇති නිල කාලසටහන බාගත කර ගන්නා ලෙස හෙතෙම ඉල්ලා සිටියි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙස කොමසාරිස්වරයා සිසුන්ට උපදෙස් දුන්නේය.

උසස් පෙළ ප්‍රවේශ පත්‍ර ඉතා ඉක්මනින් අයදුම්කරුවන් වෙත බෙදාහරින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

spot_img