1.6 C
New York

දිවුල් අහුලන්න ගිය දරුවා විදුලි සැර වැදී මරුට

Published:

විල්ගමුව ප්‍රදේශයේ පාසැල් සිසුවකු අලින්ට ඇටවූ විදුලි වැටකින් විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, විල්ගමුව පේර කනත්ත පදිංචි වයස අවුරුදු හතක පිසුවෙකි.

මෙම සිසුවා පදිංචි නිවස සහ ගෙවත්ත අලින්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ගෙවත්ත වටා විදුලි වැටක් සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

දිනපතා සවස හයට වැටට විදුලිය සම්බන්ද කරන බවත් නැවත පසුදා උදෑසන හයට විදුලිය විසන්ධි කරන බවත් නිවැසියෝ පවසා ඇති අතර අනතුර සිදුවූ දින උදෑසන විදුලිය විසන්ධි කිරීමට ඔවුන්ට අමතක වී ඇත.

මියගිය සිසුවා දිවුල් ගෙඩියක් අහුලා ගැනීම සඳහා ගෙවත්තට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

Related articles

Recent articles

spot_img