1.6 C
New York

සූකර උණ මෙරටින් වාර්තා වෙයි. ඌරන් සහ ඌරුමස් ප්‍රවාහනයට සීමා

Published:

ඌරන් අතර පැතිර යන ප්‍රජනන සහ ශ්වසන රෝගය ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් සහ ඌැරුමස් ප්‍රවාහනය කිරීම වළක්වමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කරන බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු අප්‍රිකාවේ පැතියමින් ඇති මෙම සූකර උණ පළමුවරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දින කිහිපයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ඌරන් මියගිය බැවින් ලබාගත් සාම්පල කිහිපයකින් ‍ඒ බව තහවරු වූ බවයි.

එම පරීක්ෂාවට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙ ඌරන් අතර ඇත්තේ දකුණු ආසියානු රටවල ද මෑතකදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී තිබේ.

එම රෝගය මෙරටින් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙයයි.

Related articles

Recent articles

spot_img