spot_img
spot_imgspot_img

අරුගම්බේට ප්‍රහාරයක් එල්ලවිය හැකි ද ? ආරක්ෂාව තරකරයි

පුවත්

විදෙස්

අරුගම්බේ ආශ්‍රිතව ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් අනතුරු අඟවා ඇති අතර ආරක්ෂක අංශ පවසන්නේ එම අනතුරු ඇඟවීමට පෙර ම එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබූ බවයි.

මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා වෙයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කීවේය. .

මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් හෙතෙම පවසයි. .

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. පසුගිය දින කිහිපයේ ම මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා එය පසුගිය කාලසීමාව තුල ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයක්. අද දිනය වනවිටත් ඒ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව, විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරීන් යොදවලා ඒ ප්‍රදේශයේ අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සලසලා තියෙන්නේ. අපිට යම් තොරතුරක් ලැබෙනවා නම් අපි ක්ෂණිකව ක්‍රියාමාර්ග ගන්නවා. මේ වනවිටත් ඒ ප්‍රදේශයට අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ. සංචාරකයින් කුමන රටකට ජාතියකට අයත් වුණත් ඔවුන්ගේ ආරක්ෂාව සැපයීම අපේ වගකීමක් වන නිසා ඒ පොලිස් ස්ථානවලට අවශ්‍ය සම්බන්ධීකරණය සහ අවශ්‍ය උපදෙස් දීම සිදුකරන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!