සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය -0.2% දක්වා අඩු වී තිබූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය.
2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වා අඩු වී ඇත.
එමෙන්ම, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇත.