spot_img
spot_imgspot_img

පළාත් පාලන මැතිවරණයේ දී ලක්ෂ ගණනකට ඡන්දය අහිමිවෙයි ? දැඩි අර්බුදයක්

පුවත්

විදෙස්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බවත් මේ වනවිට ලබා  දී ඇති නාමයෝජනා අනුව මැතිවරණය පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු මෙසේ කීවේය.

“මැතිවරණ කොමිෂන් සභාවට ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය. යම් අපේක්ෂකයෙක් මියගොස් ඇත්නම් අපිට ඒ වෙනුවට වෙනත් අයකු පත්කිරීමේ හැකියාවක් තිබෙනවා. පිල් මාරුකිරීම් සහ වෙනත් කාරණා පිළිබඳ නීතිමය සීමාව තුළ පමණයි අපිට කටයුතු කරන්න වෙන්නේ.” යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

කෙසේ වෙතත් මෙම මැතිවරණ පවත්වන අවස්ථාව වනවිට ඇතැම් පක්ෂ සීසීකඩ වෙන් වී තිබේ. තවත් නව පක්ෂ සහ සන්ධාන බිහිවී ඇති අතර ඇතැම් පළාත් පාලන ආයතනවලට නාම යෝජනා භාරදුන් පිරිස් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට ද ඉඩ තිබේ.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී සිටින යම් අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට තේරීපත්වුව ද ඔහුගේ හෝ ඇයගේ නම ඉවවත්කිරීමේ බලයක් නොමැති අතර එම තැනැත්තා පළාත් පාලන ආයතනයට ද තේරීපත්වුවත් ධූරය භාර ගැනීමට හැකියාවක් නැත.

මෙහි දී පැන නගින අර්බුදය වන්නේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති යම් අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට පත් වී අමාත්‍යධූරයකට ද පත්වුවහොත් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඡන්ද පත්‍රිකාවේ නම සඳහන්ව තිබීම සහ ඡන්ද දායකයන් ඔවුන්ට ද ඡන්දය භාවිතා කිරීමයි.

එමෙන් ම දැනට භාර දී ඇති නාම යෝජනා අනුව ම ඡන්දය පවත්වනනේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ඇත්තේ 2022 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි පුද්ගලයන්ට පමණක් බැවින් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය භාවිතා කළ 200,000කට වැඩි පිරිසකට පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ද අහිමිවනු ඇත.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති මැතිවරණවල දී මෙවන් අර්බුදකාරී තත්වයක් මතු වී තිබුණේ නැත.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එසේ වුවත්, නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැඳවීමට කොමිෂන් සභාවට බලයක් නොමැති බවයි.

එසේ වුව ද පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් යෝජනාවක් ගෙනවිත් එම නාමයෝජනා අවලංගු කර නැවත නාමයෝාජනා කැඳවීමේ හැකියාවක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!