spot_img
spot_imgspot_img

මහින්ද, රනිල් වාහන අර්බුදයක ?

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂට නිල වශයෙන් හිමිකම් ඇති කිසිදු පහසුකමක් මේ දක්වා ඉවත්කර නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී ඇත.

“මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් 19 වැනි දා මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත්කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්තකයේ රජයේ වාහන 16ක් තිබූ බවත් ඉන් වාහන 08ක් දැනට භාර දී ඇි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංංහ භාරයේ වායයන 11ක් ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

හිටපු ‍ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට 1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ 3(2) වගන්තිය අනුව ” අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතු ය”.

2010 මැයි 14 දින එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ 3.1 වගන්තිය අනුව ද ” ගරු අමාත්‍යවරුන්ගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම නිල වාහන (මෝටර් රථ, ජීප්, ඩබල් කැබ්) සංඛ්‍යාව 03 ක් යැයී තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදිය යුත්තේ එක් අයකුට නිල රථ තුනක් බැගිනි.

මේ අනුව මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සන්තකයේ ඇති රජයේ නිල වාහන තුනක් හැර අන් සියල්ල නැවත භාරදිය යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය ලිපියක් නිකුත් කරමින් පවසා ඇත්තේඑම මාධ්‍ය නිවේදනයේ ඇත්තේ නිවැරදි තොරතුරු නොවන බවයි.

මහින්ද රාජපක්ෂගේ පරිහරණය සහ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් යොදවා ඇත්තේ නිල රථ 06ක් පමක් බවත් ඒ අතරින් ගිලන් රථය ඇතුළු නිල රථ 03ක් 2024-10-21 වැනි සඳුදා නැවත භාර දීමට කටයුතු කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලයට පවා දැනුම් දී තිබිය දී මෙම සාවද්‍ය  තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇතැයි සඳහන් කර ඇත.

එම වාහන භාර දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති ලිඛිත උපදෙස් අනුව බව ද මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය දැනුම් දී ඇත.

රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජ පක්ෂා දක්වා ඇති පසුබිමක, මෙම නිල රථ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

1 COMMENT

  1. උන්ට මොකටද වාහන ඇයි හිගන්නො ද උන් වාහනයක් ගන්න සල්ලි නැද්ද හොරා කාපුව දෙන්න හොදනැහැ මොකවත් සක්කිලි හැත්ත ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!