spot_img
spot_imgspot_img

අනුර, බදු ගැහුවේ නැතිලු. රනිල්ගේ බද්ද දීර්ඝ කලාලු

පුවත්

විදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් භාණ්ඩ වර්ග 05ක් සඳහා නව බදු පැනවීමක් නොකළ බවත් 2023 ඔක්තෝබර් මස 14 වැනි දින 2406/02 දරණ ගැසට් නිවේදනය මගින් සිදුකළේ 2023 ඔක්තෝබර් මස 14 වැනි දින සිට වසරක් සඳහා බදු පනවා තිබූ භාණ්ඩ 05ක බදු මුදල දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීම බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමඟින් රජය විසින් අලුනින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාන යටතේ ම එලෙසම දීර්ඝ කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට් නිවේදනයන් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දින දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!