4.6 C
New York

ජනාධිපති අනුරගෙන්, නව බද්දක්

Published:

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට විසින් ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා බදු ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ ශීතකළ මසුන් සඳහා 10%ක් හෝ කිලෝග්‍රෑමයට රුපියල් 400.00 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් ද පනවා තිබේ.

මීට අමතරව සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් පරිප්පු සහ කහ පරිප්පු කිලෝග්‍රෑමයට සත 25ක බද්දක්ද පනවා තිබේ.

ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක ය.   

Related articles

Recent articles

spot_img