4.6 C
New York

ජනාධිපතිතුමනි, විදුලි බිල අඩු නොකරන්නේ ඇයි ?

Published:

පසුගිය ඔක්තෝබර් 01 වැනි දා විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවියයුතු වුව ද ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා මෙතෙක් එය ක්‍රියාත්මක වී නැතැයි සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය චෝදනා කරයි.

බදාදා (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මෙසේ කීවේය.

“විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට සංශෝධනය වියයුතු විදුලි බිල පිළිබඳව දත්තයන් තාම යවලා නෑ. ජනාධිපතිතුමනි, මේ මොහොතේ බිලියන 155 ඉක්මවනවා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය. තවත් ගසා කන්න ඉඩ අරින්නේ ඇයි ? ඔබතුමා ජනතාවාදී නම් විදුලිබල මණ්ඩලයට නියෝග දෙන්න තිබුණා මෙච්චර වෙලා බුදිද මොනවාද කරන්නේ කියලා. වහාම මේකට ක්‍රියාමාර්ග අරගෙන විදුලි බිල සංශෝධනය 45%කින් විදුලි බිල අඩුකරන්න පුළුවන්.”

Related articles

Recent articles

spot_img