spot_img
spot_imgspot_img

රටක් හදන හැටි පෙන්වාදුන් විද්‍යාඥයන්ට, ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය

පුවත්

විදෙස්

ආර්ථික විද්‍යාව සඳහා 2024  නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන් යන තිදෙනාට හිමිව තිබේ.

දේශපාලන ආයතන අතර සබඳතා ගොඩනඟා ගනිමින් ආර්ථික සංවර්ධනය අඛණ්ඩව, දීර්ඝ කාලීනව සාර්ථකත්වයට පත් කර ගන්නා ආකාරය ගැන ඔවුන් කළ අධ්‍යයනයන් සහ එම අධ්‍යයනයෙන් ලෝකයට දායාද කළ නව න්‍යායාත්මක දැනුම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය ඔවුන් තිදෙනාට පිරිනැමීමට නොබෙල් සම්මාන ප්‍රදාන කමිටුව විසින් තීරණය කරනු ලැබීය.

ඩේරියන් ආසේමෝ ගුලුස් සහ සයිමන් ජොන්සන් යන දෙදෙනා මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරුන් වන අතර ජේම්ස් ඒ. රොබින්සන් චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

ලෝකයේ රටවල් ධනවත් වීම හෝ දිළිඳු බවට පත් වී ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් රටක සංවර්ධනය සඳහා සාමජයික ආයතනවල ඇති වැදගත්කම පෙන්වාදීම සම්බන්ධයෙන් ඔවුන් කර ඇති මෙහෙවර මෙම ත්‍යාගය පිරිනමන බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!