spot_img
spot_imgspot_img

මැතිවරණ වියදම් නොදුන් තිදෙනෙක්. කරපු වියදම් ගැන ජනතාවට සොයා බැලිය හැකියි

පුවත්

විදෙස්

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇත.

බත්තරමුල්ලේ සීලරතන, සරත් කීර්ති රත්න සහ පාක්යනේත්තිරන් සෙල්වම් යන තිදෙනා මැතිවරණ නියාමන පනතට අනුව සිය වියදම් වාර්තා මෙතෙක් භාර දී නැත. එම තිදෙනා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.

ඒ ඒ අපේක්ෂකයන් විසින් භාරදුන් වියදම් වාර්තා මහජනතාවට පරීක්ෂා කිරීමට හැකි ආකාරයෙන් ඉදිරියේ දී ප්‍රදර්ශනය කරනු ලබන අතර එම වියදම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ ඡන්ද පෙත්සම් යොමු කිරීමේ අවස්ථාව ද මහජනතාවට විවෘතව පවතී.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම, අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම හෝ වියදම් සීමාව ඉක්මවා යාම යන කරුණු සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති අතර තේරීපත් වූ ජනාධිපතිවරයාට අධිකරණමය මුක්තියක් ඇතත් ඔහුට එරෙහිව වුව ද ඡන්ද පෙත්සමක් යොමු කිරීමේ හැකියාව පවතී.

යම් හෙයකින් තේරී පත් වූ ජනාධිපතිවරයා එවැනි ඡන්ද පෙත්සමකින් අධිකරණය මගින් වරදකරුයැයි තීරණය කළහොත් ඔහුගේ ජනාධිපති ධූරය අහිමිවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!