වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් හෙට (14) දිනයේ වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලු ම පාසල් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල කොට්ඨාසයේ සියලු ම පාසල් හෙට දිනයේ වසා තැබෙනු ඇත. එමෙන් ම කිසියම් පාසලක් වසා තැබීමට අවශ්‍යනම් ඒ සදහා විදුහල්පතිවරුන්ට තීරණය ගන්න යැයි ද දැනුම් දී තිබේ.