4.6 C
New York

මහ ගංවතුර තත්වයක්

Published:

මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔය මහා ගංවතුර මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයේ මහ ගංවතුර තත්වයක් දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.පී.සුගීෂ්වර පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගලා බසින අත්තනගලු ඔයේ විශාල මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකියැයි දැනටමත් ජනතාවට දැනුම් දී ඇති බවයි.

“දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශ දැනටමත් ජලයෙන් යට වී ඇති අතර තවදුරටත් වැසි ඇතිවුවහොත් තත්වය වඩාත් දරුණු විය හැකියි.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img