4.6 C
New York

“ළමයින් ගැන කියනවා නම්, මොළේ ඇතිව කියන්න” ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍යයට දැනුම් දෙයි

Published:

ළමයින් පිළිබඳ සංවේදී කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය පළකිරීම්වල දී ළමයින්ගේ අයිතිවාසිකම් හා  සුබ සිද්ධියට හානිවන අයුරින් කටයුතු කිරීමෙන් වැළකී සිටින්න යැයි ළමා ආරක්ෂණ අධිකාරිය සියිලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට, සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත විශේෂ දැනුම් දීමක් කර ඇත.

මෙම දැනුම්දීම කර ඇත්තේ පසුගිය දා පාසල් වියේ පසුවන දරුවකු නෙළුම් කුලුණින් පැන සියදිවි නසා ගැනීමේ  පුවත මාධ්‍ය මගින් වාර්තා කිරීමේ දී සවිස්තරාත්මක හා එම දරුවාගේ අනන්‍යතා හෙළිදරව් වන ආකාරයෙන් කරුණු වාර්තා කිරීම සිදුකර ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද නිරීක්ෂණයකින් අනතුරුවය.

ළමා අපයෝජන සහ සියදිවි හානිකර ගැනම් සම්බන්ධයේන ජනමාධ්‍ය මගින් කරුණු වාර්තා කිරීෆම් දී වින්දිත ළමයාගේ අනන්‍යථාවය හෙළිවන අයුරින් කරුණු වාර්තාකිරීම හේතුවෙන් එම ළමයාගේ දෙමාපියන් සහ සෙසු ළමුන් ඇතුලු පිරිස ද මානසික පීඩනයට ලක්වන බවත් ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.

එම අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි වාර්තා කිරීම් හේතුවෙන් “ මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණකින් තොරව මරණයට හේතුව පිළිබඳ නිගමනයකට එළඹිය නොහැක ඒ සඳහා අසත්‍ය පැහැදිලි කිරීම් ලබාදීමෙන් මියගිය ළමයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙයි. ඔවුන්ගේ මිතුරන් සහ සම වයසේ ළමුන්ට මෙවැනි අනවශ්‍ය තොරතුරු ලබා දීමෙන් තමන්ට හානි කරගැනීමේ ප්‍රවණතා ඇති ළමුන්ගේ සමාන හැසිරීම් ප්‍රවර්ධනය විය හැකි අතර, ගැටලු විසඳාගැනීමේ එකම මාර්ගය ලෙස ද භාවිතා කළ හැක. තව ද මියගිය තැනැත්තාට ලැබුණු අවධානය හා සමාන අවධානයක් ලබාගැනීමේ අරමුණින් ළමුන් සහ නව යොවුන් වියේ අය අතර සියදිවි නසාගැනීමේ අවධානම වර්ධනය විය යුතු නැත” යනුවෙනි. සභාපතිවරිය මෙම කරුණු දක්වා ඇත්තේ ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශන හෙට්ටආරච්චි මහත්මිය උපුටා දක්වමිනි.

ජනමාධ්‍යවේදීන් ලෙස පුරවැසි වගකීම් ඉටු කිරීමේ දී, ළමයින් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණ‍යන් සිදු කිරීමේ දී විශාල වගකීමක් පැවරෙන බවත් ඒ නිසා මෙම කරුණු ගැන වඩාත් සැළකිලිමත් වන ලෙසත් ඇය එම ලිපිය මගින් ඉල්ලා ඇත.  

එමෙන් ම ළමා ආරක්ෂක අධිකාරිය සිහිපත් කරන්නේ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත (ජ) වගන්තියට අනුව ළමයින්ගේ සුරක්ෂතභාවය සහ ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සැපයීම සහ අධ්‍යාපනය ලබාදීම යන වගන්තිය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී ඇති බලතල අනුව මෙවැනි වාර්තාකරණයන් නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට බලයක් ඇති බවයි.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 5.1(ඇ) වගන්තිය ප්‍රකාරව හිංසාකරනු ලැබීමෙන්, නොසලකා හරිනු ලැබීමෙන්, අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට සෑම ළමයකුටම අයිතියක් ඇත. එම සම්මුතියේ 5.2 වගන්තිය යටතේ ළමයකුගේ උපරිම යහපත ඇති කිරීම සඳහා මැදිහත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙවැනි වාර්තා කිරීම් සම්බන්ධව ඉදිරිියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද එම ලිපිය මගින් දන්වා ඇත.

Related articles

Recent articles

spot_img