4.6 C
New York

ශානි අබේසේකර, යළි පොලිස් සේවයට

Published:

පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන නිලධාරියාව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යළි සේවයට කැඳවීම සඳහා පොලිස් කොමිෂන් සභාව ඊයේ (10) අවසර ලබා දී ඇත.

ඒ අනුව ඔහු වසරක කොන්ත්‍රාත් පදනම යටතේ නැවත පොලිස් සේවයට එක්වීමට නියමිතය.

ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. 

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.

එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අබිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.

Related articles

Recent articles

spot_img