spot_img
spot_imgspot_img

ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයත්, යුද්ධයට එකතු වෙයි

පුවත්

විදෙස්

යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවරු කිරීම සඳහා හූති සංවිධානය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බව පෙන්ටගනය පවසා ඇත.

ඉරානයේ සහාය ලබන හූති සංවිධානයේ අවි පද්ධති සහ කඳවුරු ඇතුළුව හූති ඉලක්ක 15ක් මෙලෙස ගුවන් ප්‍රහාරවල ඉලක්ක වී තිබුණි.

යේමනයේ සනා අගනුවර, ප්‍රධාන වරාය නගරය වන හුදෙයිදා නගරය ඇතුළු නගර කිහිපයක් වෙත ප්‍රහාර එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා හූති සංවිධානය රතු මුහුදේ වාණිජ නෞකා 100කට අධික සංඛ්‍යාවක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ.

ඒ වසරක ආසන්න කාලයක සිටි ඊශ්‍රායල ප්‍රහාරවලට මැදිවී සිටින පලස්තීන ජනතාවට සහාය දැක්වීමක් වශයෙනි.

මේ අතර ඊශ්‍රායලය ඊයේ දිනයේදීත් ලෙබනනය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ලකර තිබේ.

ලෙබනනයෙන් පිටවිය හැකි එකම ගොඩබිම් මාර්ගය වන ලෙබනනයේ සිට සිරියාව වෙත යන මාර්ගය ඔවුන්ගේ ඉලක්ක වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!