spot_img

ඩෙංගු නසන්න, කියුබාව ජනපතිට සහය දෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්  අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳ තානාපතිවරයා සුබ පැතුම් එක්කළ අතර දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද ප්‍රකාශ කළ බව සඳහන් ය.

එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව ඔහු මෙහි දී සහතික විය. 

ඩෙංගු උවදුර මර්දනය කිරීමේ දී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles