spot_img
spot_imgspot_img

පාසල් දැරියක් හා සිසුන් 05ක් අපයෝජනය කළ අයකු රිමාන්ඩ්

පුවත්

විදෙස්

පාසල් සිසුවියක් සහ සිසුන් 05 දෙනකුට ලිංගික අතවර කළ පුද්ගලයකු ඔක්තෝබර් මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (02) නියෝග කළාය.

ලිංගික අතවරයට ලක්ව ඇත්තේ අවුරුදු 12ත් 15ත් අතර වයස්වල පසුවන පිරිසකි. රිමාන්ඩ් කරන ලද පේරාදෙණියේ පදිංචි සැකකරු63 හැවිරිදි පුද්ගලයෙකි.

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට පවසා ඇත්තේ මෙම සැකකරු ප්‍රදේශවාසීන් ද බිය වද්දමින් දරුවන් අපයෝජනය කර ඇති බවයි.  

අතවරයට ලක් වූ 15 හැවිරිදි දැරියගේ පාර්ශවයෙන් මීට ඉහත දී ද පේරාදෙණිය පොලිසියට මෙම සැකකරු සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබුණ ද ඒ පිළිබද පොලිසිය අවශ්‍ය නීතිමය පියවර ගෙන නැතැයි ද එම පුද්ගලයාට අවවාද කර මුදාහැර ඇතැයි ද එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවසයි.

පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනාව සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

විවාහක දෙදරු පියෙක් වන සැකකරු තවත් පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් ප්‍රදේශයේ ලදු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම දරුවා සැකකරුගේ අත සපා කා ඔහුගෙන් බේරී පැන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!