8.6 C
New York

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පත්කිරීමට කැබිනට් අනුමැතිය

Published:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පූර්ණ කාලීනව වැඩ බලන පදනම මත මෙම පත්කිරීම සිදුකරන අතර ඒ සඳහා එච්.එස්.කේ.ජේ බණ්ඩාර පත් කරන ලෙස බුද්ධාගම, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විජිත් හේරත් මහතා විසින් අද මේ බව නිවේදනය කළේය.

බණ්ඩාර මහතා දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලක) ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Related articles

Recent articles

spot_img