5.4 C
New York

“අධ්‍යාපනයට 06%ක් දෙන්න බෑ“ – අගමැති හරිනි

Published:

අධ්‍යාපනයට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම අපහසු බව අග්‍රාමාත්‍ය ආචාාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික පාසල් 396ක විදුහල්පතිවරු සමඟ කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැති සමුළුවක දී ය.

ඇය එහි දී වැඩිදුරටත් කියා සිටියේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් එකවරම වෙන් කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුවක් බවයි. ඉදිරියේ දී එය ක්‍රමානුකූලව ලබාදීමට කටයුතු කරන බව ද අගමැතිවරිය කීවාය.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය පුරවැසියා බිහිකිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි.  අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම වැදගත්. අධ්‍යාපනය ගැන දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කලකිරීමකින් ඉන්නේ. විභාග, පත්වීම්, බඳවාගැනීම් අර්බුදකාරී තත්ත්වයක. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම මත විශාල පීඩනයකින් ඔබ ඉන්නේ. ඔබේ වෘත්තිමය ගරුත්වය රකින අධ්‍යාපනයක් අපි හදනවා.  දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්විය යුතුයි. ආර්ථික අර්බුදයත් සමග එක්වර දෙන්න බැහැ. ක්‍රමානුකූලව ඒ ඉලක්කය වෙත යන්න සැලසුම් තියෙනවා. අපේ අයවැය තුළ අධ්‍යාපනයට විශේෂ තැනක් දෙනවා”.

Related articles

Recent articles

spot_img