5.4 C
New York

අනුරගේ රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරයි

Published:

රුපියල් මිලියන 142,500ක් වටිනා භාණ්ඩගාර බිල්පත් බදාදා (02) වෙන්දේසි කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබේ.

මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් අතර දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන  67,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සසහ දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 10,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ඇති බව ද දැනගන්නට ඇත.

මෙම භාණ්ඩාගාර බිල්පත් සදහා ගෙවීම් කිරීම ඔක්තෝබර් 04 වැනි දා සිදුකළ යුතුය.

භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයක් වන අතර එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන හා දිගුකාලීන ණය මෙවලමකි (සංශෝධිත). එය ද රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ.

පැහැර හැරීමේ අවදානම් රහිත, වඩාත් සුදුසු කෙටිකාලීන ශුන්‍ය කූපන් ණය උපකරණයකි. මේවා කල් පිරීමේ දී මුල් මුදල් ගෙවනු ලැබේ. භාණ්ඩාගාර බිල්පත් සඳහා කල්පිරීමේ දී කල් පිරෙන මුදල් ගෙවනු ලැබේ. මෙහි ඵලදා අනුපාතය තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ය. එමෙන් ම කිසියම් අයකු විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් විට එය නැවත ද්විතීයික වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකි උපකරණ

රාජ්‍ය අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල් හෝ ප්‍රාදේශීය අරමුදල් ඇතුළු විදේශ ආයතනික ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතනවලට, අනේවාසික ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකාවේ පදිංචි හෝ ශ්‍රි ලංකාවෙන් පිටත ජීවත් වන විදේශික පුරුවැසියන්ට මේවා මිල දී ගැනීමට හැකියාව තිබේ.

ස්වෛරීත්ව රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන බැවින් එය අවදානම් රහිත නිදහස් ආයෝජනයක් වේ.  ඵලදා අනුපාතිකයන් වෙළෙඳපොළ මගින් තීරණය කරනු ලබන බැවින් මිල දී ගන්නා පුද්ගලයන්ට, ආයතනවලට ඉහළ පොලී අනුපාතයක් ලබාගත හැකි ය. මෙම බිල්පත් ද්විතීයික වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකි බැවින් ඒවා වෙළෙඳපොළ තුළ විකිණීමෙන් ක්ෂණික ලාභයක් ලබා ගත හැකි ය. සියලු කල් පිරීම්වලින් ලැබෙන ආදායම් සහ ප්‍රාග්ධන ලාභය සම්පූර්ණයෙන් ම ආපසු ගෙන්වා ගත හැකි ය. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයකු සමඟ ඒකාබද්ධ ආයෝජනයක් කිරීමට ද හැකි ය.

Related articles

Recent articles

spot_img