5.4 C
New York

වීසා නඩුව අවසන් වනතුරු ආගමන විගමන පාලක රිමාන්ඩ්

Published:

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25) නියෝග කළේය.

විද්‍යුත් වීසා සේවාව විදේශීය සමාගම් දෙකකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්සක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ඔහුට විරුද්ධව චෝදනා ඒල්ලවී තිබේ.

අදාල චෝදනා වළට තමන් නිවැරදිකරු බවට හර්ෂ ඉලුක්පිටිය පැවසීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය ලබන වසරේ ජනවාරි 22වනදා ආරම්භ කිරීමට තීරණය කළේය.

නීතියේ උත්තරීතර ආයතනය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ් පීබඳව නිහඬව සිටිමට හැකියාවක් නැතැයි ඒහිදී විනිසුරුවරු පවසා සිටියහ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග කෙරිණ.

Related articles

Recent articles

spot_img