spot_img
spot_imgspot_img

මහ මැතිවරණයට සල්ලි නෑ. වියදම කෝටි 1100ක්

පුවත්

විදෙස්

මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 1100ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

නියමිත පරිදි මහා මැතිවරණය පවත්වනනේ නම් එය ලබන 2025 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බැවින් 2024 වර්ෂයේ අයවැය මගින් මහ මැතිවරණයකට මුදල් වෙන්කර නොමැති බැවින් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව සතුව මුදල් ප්‍රතිපාදන නොමැත.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු හදිසියේ ම පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර නොවැම්බර් 14 වැනි දින මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇත.

එම හදිසි මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ලබාදීමට ජනාධිපතිවරයා නීතියෙන් බැඳී සිටින බවත් එය ඔහුගේ වගකීම බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!